20 ට එරෙහි පෙත්සම් අද කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 29, 2020

20 ට එරෙහි පෙත්සම් අද කැඳවයි

20 ට එරෙහි පෙත්සම් අද කැඳවයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති පෙත්සම් අද (29) දිනයේ සලකා බැලීමට නියමිතව තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතය.

අගවිනිසුරුවරයාට අමතරව බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවරුන් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලට ඇතුළත් වේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39ක් ගොනුකර තිබේ.

පසුගිය සිකුරාදා දිනය වන විට පෙත්සම් 18ක් ගොනුකර තිබු අතර ඊයේ (29) දිනයේ දී තවත් පෙත්සම් 21ක් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වී තිබුණි.

අදාළ පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad