රාජිත, අර්ජුණ, චම්පික සහ අනුර අද ජනපති කොමිසම හමුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 26, 2020

රාජිත, අර්ජුණ, චම්පික සහ අනුර අද ජනපති කොමිසම හමුවට

රාජිත, අර්ජුණ, චම්පික සහ අනුර අද ජනපති කොමිසම හමුවට

හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුණ රණතුංග, පාඨලී චම්පික රණවක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

ඒ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කළ පැමිණිල්ලකට අදාළවයි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිසම නිකුත් කළ සිතාසියකට අනුව පසුගිය දා රාජිත සේනාරත්න, අර්ජුණ රණතුංග හා අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් පෙනී සිටිමින් ප්‍රකාශ කළේ, තමන් මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් ලෙස නම් කිරීමට කිසිදු පදනමක් නොමැති බවයි.

අදාළ පැමිණිල්ල විමර්ශනයට ජනාධිපති කොමිසමට බලයක් නොමැති බව ද ඔවුන් එහිදී කියා සිටියේ ය.

එබැවින් ඔවුන් කොමිසමෙන් ඉල්ලා සිටියේ පැමිණිල්ලේ සාක්ෂි පිටපත් තමන් වෙත ලබා දෙන ලෙසයි.

ඒ අනුව වගඋත්තරකරුවන්ට අදාළ සාක්ෂි සටහන් ඇතුළත් පිටත් ලබා දෙන ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කොමිසමේ ලේකම්වරියට නියෝග කළේ ය.

ඔවුන් කිහිපදෙනෙකු මේ වනවිට එම සාක්ෂි පිටපත් කොමිසමෙන් ලබා ගෙන ඇතැයි, එහි නිලධාරියෙකු සඳහන් කළේ ය.

මීට අමතරව අද දිනයේ අදාළ පැමිණිල්ල කළ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාද කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂකවරයෙකු වු තාරක සෙනෙවිරත්න මහතා අද යළිත් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ඒ සඳහිරු සැයේ තැන්පත් කර ඇති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අලේප කිරීමට නාවික හමුදාවට රත්‍රං කිලෝ ග්‍රෑම් 8 ක් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහායි.

No comments:

Post a Comment

Post Bottom Ad