දේවදත්තට මහණ වෙන්න පුළුවන් නම් කරුණු අම්මාන්ටත් හොද වෙන්න පුළුවන් - විමල් වීරවංශ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 23, 2020

දේවදත්තට මහණ වෙන්න පුළුවන් නම් කරුණු අම්මාන්ටත් හොද වෙන්න පුළුවන් - විමල් වීරවංශ

දේවදත්තට මහණ වෙන්න පුළුවන් වූයේ නම් කරුණා අම්මාන්ටද තමන් ඉතිහාසයෙන් ගැලවී ඊට වෙනස් වර්තමානයකට ඒමට හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය. කරුණා අම්මාන් කොට් ත‍්‍රස්තවාදියෙක් කාලයේ සතපහකට මායිම් නොකළ බවත් කොටින්ගෙන් මිදී වෙන් වී පැමිණ බෙදුම්වාදය හා ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කර න ලද කරුණාඅම්මාන් පිළිගන්නා බවද ඔහු පැවසීය.

කරුණා අම්මාන්ට පමණක් නොව තුවක්කු කරේ තබාගෙන වාද්දුව රේල් පාරේ යමින් සිටියදී හමුදා අත්අඩංගුවට පත්වූ ටිල්වින් සිල්වාටද මෙය පොදු යයිද ඔහු සඳහන් කළේය.

තමන් විසින් හමුදා සෙබළුන් ඝාතනය කළ බවට කරුණා අම්මාන් විසින් අම්පාරේදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad