ඉන්දියාවේ සිට ගුවනින් එන නාවිකයන්ට මෙරටට ඇතුළු වීම තහනම් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 26, 2020

ඉන්දියාවේ සිට ගුවනින් එන නාවිකයන්ට මෙරටට ඇතුළු වීම තහනම් කරයි

න්දියාවේ සිට ගුවන් මගින් නාවිකයන් මෙරටට පැමිණීම අත්හිටුවීමට කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ මෑතක දී ඉන්දියාවේ සිට පැමිණි 29කට කොරෝනා ආසාදනය වී ඇති බවට හෙළි වීමෙන් පසු මෙම තීරණය ගත් බවයි.

මුම්බායි සිට පැමිණි නාවිකයන් 160 ගෙන්වා එරටදී කොරෝනා පරීක්ෂණවලට ලක්ව ඇති බවත් කොරෝනා ආසාදිතයන් නොවන බවට සහතික ලබා ගෙන පැමිණ තිබූ බවත් ඔහු සඳහන් කළේය.

නමුත් මෙරට දී කරන ලද පරීක්ෂණවලදී ඉන් 29 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හෙළි වී ඇත.

ඒ අනුව මෙම සෞඛ්‍යම ගැටළු විසඳාගන්නා තෙක් ඉන්දියාවේ සිට නාවිකයන් පැමිණීම අත්හිටුවන බව ඔහු සඳහන් කළේ ය.


No comments:

Post a Comment

Post Bottom Ad