ජනපති නියත වශයෙන්ම පාතාලය මර්දනය කරනවා - ඇමැති රමේෂ්ගෙන් සහතිකයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 7, 2020

ජනපති නියත වශයෙන්ම පාතාලය මර්දනය කරනවා - ඇමැති රමේෂ්ගෙන් සහතිකයක්

ජනපති නියත වශයෙන්ම පාතාලය මර්දනය කරනවා - ඇමැති රමේෂ්ගෙන් සහතිකයක්

රටේ පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරිමට නියත වශයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

එක් වතාවක් නොව තුන් වතාවක් මෙරට ජනතාවගේ මරණ බිය තුරන් කළ නායකයින් දෙදෙනෙක් ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉතිහාස ගත වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙරට නීතිගරුක සමාජශීලි බහුතර ජනතාවට නිදහසේ ජිවිත් විය හැකි පරිසරය මෙරට ගොඩ නඟන බවද ඉදිරි වසර 4 තුළ ගෝඨාභය මහතා මෙම කර්තවය කරලා පෙන්වන බවද ඔහු පැවසීය.

මේ සඳහා ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය බවත්, ඒ සඳහා අභියෝගයක් මධ්‍යයේ ඉතා පරිසමින් මැතිවරණ ව්‍යාපාරය සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

සතුටු විය හැකි රටක් නැවත වතාවක් බිහි කරන බවද ගාල්ලේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad