සජිත් එක්ක ප්‍රශ්නයක් නෑ..සජිත් හැම පාරම මට පරාදයි - නාමල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 7, 2020

සජිත් එක්ක ප්‍රශ්නයක් නෑ..සජිත් හැම පාරම මට පරාදයි - නාමල්

සජිත් එක්ක ප්‍රශ්නයක් නෑ..සජිත් හැම පාරම මට පරාදයි - නාමල්

එක්සත් ජාතික පක්ෂයේ බෙදිමට සජිත් ප්‍රේමදාස මහතා වගකිව යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට නැවත වතාවක් නායකත්වය ගැන ගැටළුවක් ඇති වු බවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමේ දී තමා සතුටු වු බවත් රාජපක්ෂ මහතා පැවසීය. 

සජිත් ප්‍රේමදාස සමඟ ප්‍රශ්නයක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා හැමදාම තමාට පරාද වු බවත් මෙවර පමණක් ඔහු කොළඹින් ඉදිරිපත් වන බවත් ඔහු පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් හම්බන්තොට පරාජයට පත් වු බවද පැවසු නාමල් රාජපක්ෂ මහතා, ප්‍රේමදාස මහතා නව පක්ෂයක් නොව කණ්ඩායමක් පමණක් එක් කර ගත් බවද කියා සිටියේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් එළියට පැමිණ පොදුජන පෙරමුණ නිර්මාණය කරන විට කිසිදිනක තමන් හඩා නොවැටුණ බවද අද එක්සත් ජාතික පක්ෂය අද වන විට බෙදීමත් සමඟ ඉතා පහත් තත්ත්වයට පත්ව ඇතැයි ද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එයට සම්පූර්ණයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා වගකිව යුතු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මේ බව පැවසූවේ රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad