ශ‍්‍රී ලංකාවට එවූ කිසිවෙකුට කොරෝනා පරීක්‍ෂණ නොකල බව කුවේට රජය කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 1, 2020

ශ‍්‍රී ලංකාවට එවූ කිසිවෙකුට කොරෝනා පරීක්‍ෂණ නොකල බව කුවේට රජය කියයි

කුවේට් රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වන ලද ශ්‍රී ලාංකිකයන් 466 දෙනා එරටින් පිටවීමට පෙර කොරෝනා පරීක්ෂණ සිදු කර නැති බව කුවේට් රජය සදහන් කරයි. ශ්‍රී ලංකාවට එවීමට පෙර කොරෝනා පරීක්ෂණ කරන්නැයි එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල විසින් කුවේට රජයෙන් ඉල්ලීමක් කළද එය සිදු කළ නොහැකි බවට කුවේට විදේශ අමාත්‍යාංශය විසින් තානාපති කාර්යාලයට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමට ඔවුන් දැනුම් දී ඇත්තේ කොරෝනා රෝග ලක්ෂණ සහිත කිසිදු මගියෙකුට ගුවන් යානයට ඇතුළුවීමට අවස්ථාව ලබා නොදෙන බව පමණි.

කුවේටයෙන් පිටත්ව යන වෙනත් රටවලින් පැමිණි කිසිවකු සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකර නොමැති බව ද විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

කුවේටයේ දැනට බොහෝ ස්ථානවල පවතින සීමිත පහසුකම් නිසා කොරෝනා පරීක්‍ෂා සිදුකර ගැනීමේ අවස්ථාව හිමි වන්නේ බරපතළ රෝගී ලක්ෂණ පෙන්නුම් කරන තැනැත්තන්ට පමණක් යයි කුවේට් විදේශ අමාත්‍යාංශය සදහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad