විපක්ෂයේ කණ්ඩායම් නිරුවත් වෙලා..දැන් යන එනමං නෑ - වාසුදේව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 4, 2020

විපක්ෂයේ කණ්ඩායම් නිරුවත් වෙලා..දැන් යන එනමං නෑ - වාසුදේව

විපක්ෂයේ කණ්ඩායම් නිරුවත් වෙලා..දැන් යන එනමං නෑ - වාසුදේව

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභා කිරීමත් සමඟ විපක්ෂයේ කණ්ඩායම් නිරුවත් වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඔවුන්ට දැන් යන එනමං නැතිව ගොස් ඇති හෙයින් විවිධ විහිළු කතා කියමින් මරු විකලෙන් ඇවිදමින් සිටින බව ඔහු සඳහන් කළේය.

පක්ෂය දෙකඩ වී එකි කෙනාට ගහ මරාගන්නා එක්සත් ජාතික පක්ෂය හා සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම ආණ්ඩු බලය ලබාගැනීමට වඩා පක්ෂයේ බලය රැකගැනීමට උත්සහ ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවේදී නානායක්කාර මහතා කියා සිටියේය.

අධිකරණය විසින් ලබාදුන් තීන්දුවත් සමඟ ජනාධිපතිවරයා ගත් තීන්දුව නිවැරැදි යැයි තහවුරු කර ඇති බව පවසන ඒ මහතා ඉදිරි මහ මැතිවරණයේදීද ජනාධිපතිවරයා මෙතෙක් ගත් තීන්දු තීරණ සියල්ල නිවැරැදි යැයි ජනතාවත් ඔප්පු කර පෙන්වන බව කියා සිටියේය.

“කොරෝනා වසංගතය නිසා ඇති වී ඇති තත්ත්වය නිසිලෙස පාලනය කරගත හොත් ජන්දය පැවැත්විය හැකියි කියන මතයේ තමයි අපේ රටේ විපක්ෂය හැර අනෙක් සියලුදෙනාම හිටියේ. අද වෙන කොට කොරෝනා වසංගතය පාලනය කරගන්න අපේ රට සමත් වෙලා තිබෙනවා. දැනි හසුවෙන පිරිස් එක්කෝ රට ඉදලා එන අය නැත්නම් නාවික හමුදාවේ සෙබළුන්. ඒ අයගේන බාහිර සමාජයට ප්‍රශ්න ඇති වෙන්නේ නැති විදියට පාලනය කරගන්න සමත්ව තිබෙනවා.

ඇයි සමගි ජනබල වේගයේ අය ඡන්දය පැවැත්වීමට විරුද්ධව උසාවි ගියේ. ඒ අය දන්නවා පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයෝ ඒ අයත් එක්ක නැහැ කියලා. ඒ නිසා මැතිවරණ බිය ඒ අයට දවසින් දවස දැනෙමින් තිබෙනවා. ඉන් ගැලවෙන්න තමයි උඋසාවියට ගිහින් උත්සහයක් කරලා බැලුවේ. දැන් ඒදේත් වැරදිලා තිබෙන්නේ. මින් එක් දෙයක් පෙන්නුම් කරනවා. ඒ තමයි ඒ පිරිසගේ දේශපාලන බංකොළොත් භාවය. දැනටම පරාජය බාරගෙන ඉවරයි කියන එක.

විපක්ෂයේ දේශපාලන කෑදරකම වසංගතයට වඩා ඉහළ ගිහින්ලා. එම නිසා ඔවුන් උත්සහ කරනවා රජය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අංශ හා සියලූ රාජ්‍යයාන්ත්‍රණය ම දේශාපලනමය ආරවුලකට ඇදදාන්න. ඒ සඳහා අධිකරණය පාවිච්චි කරන්න කටයුතු කලා. අධිකරණය විසින් ලබාදුන් තීන්දුව නිසා එම ක්‍රමන්ත්‍රණයත් පරාජයට පත් වෙලා.“

No comments:

Post a Comment

Post Bottom Ad