රෝසි කොළඹ නගරාධිපති ධුරයෙන් ඉවතට - මන්ත‍්‍රීන් 60න් 58ක් රෝසි අතහරී ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 2, 2020

රෝසි කොළඹ නගරාධිපති ධුරයෙන් ඉවතට - මන්ත‍්‍රීන් 60න් 58ක් රෝසි අතහරී !

රෝසි සේනානායක මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු වී ඇත.

ඊට හේතු වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කටයුතු සඳහා ඇය සහභාගී නොවීමයි.
කොළඹ මහ නගර සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් නායක රනිල් වික‍්‍රමසිංහ සමග සිරිකොතේදී පවත්වන ලද සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇත.

එහිදී මීළඟ කොළඹ නගරාධිපතිවරයා ලෙස යෝජනා වී ඇත්තේ දැනට නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ඉක්බාල් මහතායි.

නීති අංශ සමග සාකච්ඡා කර අදාල කටයුතු ක්‍රියාත්මක කරන ලෙස දැනටමත් උපදෙස් ලබා දී ඇත.

කොළඹ මහ නගර සභා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 60 දෙනාගෙන් 58 දෙනෙකු මෙම සාකච්ඡාවට එක්ව සිට ඇති අතර නගරාධිපතිනිය ඊට සහභාගී වී නැත.


No comments:

Post a Comment

Post Bottom Ad