මුහුදු මහා විහාරයේ ආරක්ෂාව නාවික හමුදාවට බාර වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 15, 2020

මුහුදු මහා විහාරයේ ආරක්ෂාව නාවික හමුදාවට බාර වෙයි

පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂාව නාවික හමුදාව වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව හෙට සිට ක්‍රියාත්මක වන පරිදී නාවීක හමුදා අනු කණ්ඩයක් පිහිටුවීමට නියමිත බවයි මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුධ හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රිලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා , වැඩ බලන පොලිස්පති සි. ඩි. වික්‍රමරත්න ඊයේ (14) දිනයේ දී අම්පාර දිස්ත්‍රික්කයේ ඓතිහාසික විහාරස්ථාන පිළිබඳව සොයා බැලීම සඳහා සංචාරයක නිරත විය.


No comments:

Post a Comment

Post Bottom Ad