තොණ්ඩමන්ගේ අවමඟුලට පන්දාහක් ගේන්න හැදූ සැලැසුම ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2020

තොණ්ඩමන්ගේ අවමඟුලට පන්දාහක් ගේන්න හැදූ සැලැසුම !

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අභාවප්‍රාප්ත ඇමති ආරුමුගම් තොණ්ඩාමන් මහතාගේ අවසන් කටයුතු සිදු කෙරෙන හෙට (31) දිනයේ කොටගල නෝවුඩ් ක්‍රීඩාංගනයට පන්දහසක පමණ පිරිසක් සහභාගි කිරීමට කර තිබූ සැලැසුම වහාම නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශ නියෝග කර තිබේ.

ඒ අනුව සෞඛ්‍යය නිර්දේශවලට අනුව එම අවමඟුලට සහභාගි කරගත හැකි උපරිම ප්‍රමාණය දෙසීයකට සීමා කර තිබේ.

තොණාඩාමන් මහතාගේ අවසන් කටයුතු නිරෝධායනය සම්බන්ධයෙන් පනවා ඇති නීති රීති වලට අනුකූලව සිදු කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය තොණ්ඩාමන් මහතාගේ පවුලේ සාමාජිකයන්ට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට ද ලිඛිතව දැනුම්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

තොණ්ඩාමන් මහතාගේ ආදාහනය සිදු කිරීමට සැලසුම් කර ඇති නෝවුඩ් ක්‍රීඩාංගනයට වතුකරයේ 5000 ක පමණ පිරිසක් සහභාගී කර ගැනීම සඳහා එහි මඩු ආදිය සැකසීමට හා ජලය ලබාදීමට සැලැසුම්කර තිබූ බව මේවන විට හෙළිව තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad