මුල්ම කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානය හැඳල ලාදුරු රෝහලේ පිහිටුවීමට කටයුතු කළ අවස්ථාවේදී ඊට එරෙහිව එල්ල වූ විරෝධතා නිසා මඩකලපුව සහ කන්දකාඩු මධ්‍යස්ථාන පිහිටුවීමට සිදුවුණු බවත් ඒ අතර ගතවුණු දින දෙක තුනක කාලසීමාව තුළ ඉතාලියෙන් සහ දකුණු කොරියාවෙන් පැමිණි පිරිස නිවෙස් කරා යැවීමට සිදුවුණු බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (14) සඳහන් කළාය.
“ඉතාලිය වගේ රටවල්වල විශාල වශයෙන් මේ රෝගය පැතිරයන්න පටන් ගත්තාම රටක් විදියට අපි ඉතා ක්ෂණිකව ඒවගේ රටවල්වලින් එන අය නිරෝධායනය කිරීම සඳහා මධ්‍යස්ථාන හදන්න කටයුතු කළා. නමුත් හැඳල මධ්‍යස්ථානය ක්ෂණිකව දවසකින් දෙකකින් හදලා ඉවර වෙනකොට ඒකට විරෝධතාවයක් ඇවිල්ලා ඒක නැවතුණා.
ඊළඟට ආයෙ ඉතාම ක්ෂණිකව තමයි අර මඩකළපුවෙ තිබෙන විශ්වවිද්‍යාලයත් ඒවගේම අනිත් කඳවුරත් අපි පාවිච්චි කළේ. ඉතිං ඒවා හදන්නත් තව දවසක් විතර ගියා. මෙවැනි කටයුතුවලදී සමහර වෙලාවට – ඒ නිරෝධායන මධ්‍යස්ථාන හදලා ඉවර කරගන්න ගිය දවස් දෙක තුන ඇතුළත – මොකද මේක සීඝ්‍රයෙන් ඉතාලියෙ සහ අනික් රටවල්වල විශාල පැතිරීමක් පැතිරුණා – ඒ වෙලාවෙදි ලංකාවෙ අය ඉතාලියෙ වගෙ දකුණු කොරියාවෙ වගෙ රටවල ඉඳපු ලංකාවෙ අය ලංකාවට එන්න සූදානමක් වුණා. ඒත් එක්කම අපි ගතයුතු ක්‍රියාමාර්ගය ගත්තා, නමුත් දවස් දෙකක් තුනක් මේ නිරෝධායන මධ්‍යස්ථාන හදන්න ආපු විරෝධතාවයත් එක්ක යම් පරක්කුවක් වුණා.
ඒ කාලය තුලදී රටට ඉතාලියෙන් සහ දකුණු කොරියාවෙන් යම් පිරිස් ආවා. ඉතින් ඒ අය අපි කළේ ගෙදර සිට නිරෝධායන කටයුත්තකට යොමු කිරීම. ඒ කියන්නෙ ඔවුන්ව මොනිටර් කරනවා, ඔවුන්ව සම්බන්ධීකරණය කරනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලව්වා. අපි ඒ අයට කියන්නෙ ඉතාම වගකීමෙන් විනයක් ඇතිව තමන්ගෙ නිවසේ තමන්ගෙ කාමරවල රැඳී ඉන්න”
“මේ අය විෂබීජය දරාගෙන මහජනතාව ගැවසෙන තැන්වලට පැමිණියොත් ඒක අපට විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒකයි අපි රජයක් වශයෙන් තීන්දු කළේ මහජනතාව විශාල වශයෙන් රැස්වෙන සියලුම උත්සව, රැස්වීම් සඳහා අවසර නොදෙන්න, ඒ කියන්නෙ තහනම් කරන්න”
Sunday, March 15, 2020
Home
දේශපාලන පුවත්
නිරෝධායනයට හැඳල විරෝධය නිසා කටයුතු අදාළ වුණා! මුල් දින දෙකේ කොරියාවෙන් ඉතාලියෙන් පැමිණි අය නිවෙස්වලට යැව්වා! – පවිත්‍රා
නිරෝධායනයට හැඳල විරෝධය නිසා කටයුතු අදාළ වුණා! මුල් දින දෙකේ කොරියාවෙන් ඉතාලියෙන් පැමිණි අය නිවෙස්වලට යැව්වා! – පවිත්‍රා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment