කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීම නිසා මහ මැතිවරණයේදී ප්‍රධාන දේශපාලන රැස්වීම් නොපැවැත්වීමට දේශපාලන පක්ෂ තීරණය කර ඇතැයි වාර්තා වේ.
එසේම කුඩා රැස්වීම් පැවැත්වීම හා ගෙන්ගෙට ප්‍රචාරණය සම්බන්ධයෙන්ද මේවන විට සෞඛ්‍ය අංශ විරෝධය මතුව ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඉදිරි මැතිවරණය මාධ්‍ය ප්‍රචාරයන්ගෙන් පමණක් ක්‍රියාත්මක මැතිවරණයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාවේදී රැස්වීම් නොපැවැත්වීමට තීන්දු කර ඇති බව පැවසේ.
එක්සත් ජාතික පක්ෂයද ප්‍රධාන දේශපාලන රැස්වීම නොපැවැත්වීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.
පෝස්ටර් ඇලවීම නතර කර ඇති වකවානුවක කුඩා රැස්වීම් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයන්ට දැනුම් දී ඇති බවද මේ අතර වාර්තා වේ.
මාධ්‍ය භාවිත කරමින් ප්‍රචාරක කටයූතු වැඩි වශයෙන් සිදු කිරීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
සමගි ජන බලවේගය සිය ප්‍රචාරන කටයුතු ලබන 20 වැනිදා මහනුවරින් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව පැවසේ.
එම පක්ෂය ප්‍රධාන දේශපාලන රැස්වීම් නතර කිරීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ප්‍රධාන දේශපාලන රැස්වීම් නතර කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වන බවද වාර්තා වේ.
ඊට අමතරව තැපැල් මාර්ගයෙන් ඡන්ද ප්‍රචාරණය සිදු කිරීම සම්බන්ධයෙන්ද අපේක්ෂක අවධානය යොමුව ඇති බව පැවසේ.
මේවන විට දුරකථනය ඔස්සේ ඡන්ද ප්‍රචාරණ කටයුතු සිදු කිරීමද විදුලි සංදේශ නියාමන කොමිසම අත්හිටුවා ඇත.
Sunday, March 15, 2020
මැතිවරණ ප්‍රචාරණය මාධ්‍යයෙන් විතරයි : තැපෑලටත් හොඳ කලක්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment