ඒ අනුව කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය සිතියම් ගත කර ඇති බවත් එහි වර්ධනය අනුව රතු කලාප, කහ කලාප සහ කොළ කලාප වශයෙන් ශ‍්‍රී ලංකාව කලාප බෙදන බවත් ඔහු පැවසීය.
රෝගීන් වැඩි වශයෙන්ම සිටින රතු කලාපවල පොලිස් ඇඳිරිනීතිය යෙදවීමට කටයුතු කරනු ඇති බවත් ඔහු කියා සිටියේය.
එසේ නැතිව මුළු රටම එකවර ඇදිරි නීති පැනවුවහොත් ගැටළු රැුසක් ඇති වන බවත් එසේ මුළු රටටම ඇදිරි නීතිය පැනවීමේ තත්ත්වයක් මෙතෙක් උදාවී නැති බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ නමුත් මුළු රටම රතු කලාපයක් නොකර ගැනීමට රටේ පුරවැසියන් ලෙස සමාජමය වගකීමක් ඇති බවත් කී ඔහු ජනතාව විනෝද චාරිකා නොයා සමූහයෙන් ලෙස රැස් නොවී හුදෙකලාවීම මේ රෝගයෙන් ආරක්ෂා වීමට ඇති හොදම ක්‍රමය බවද සඳහන් කළේය.
සභාපතිවරයා මේ බව කියා සිටි දෙරණ රූපවාහිනියේ පැවැති ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහන අමතමිනි.


No comments:
Post a Comment