තම ප්‍රකාශය අත්වැරදීමකින් කියූ දෙයක් - ෆොන්සේකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2020

තම ප්‍රකාශය අත්වැරදීමකින් කියූ දෙයක් - ෆොන්සේකා

තම ප්‍රකාශය අත්වැරදීමකින් කියූ දෙයක් - ෆොන්සේකා

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට එරෙහිව කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ මහජනතාව තුළ අනියත බියක් සහ කැළඹීමක් ඇතිවන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධවයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග රටම අවධානයකට ලක්ව ඇති මොහොතක පාසල් සිසුන් දස දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා මාධ්‍යයට ප්‍රකාශයක් සිදුක‍ළේය.

එමෙන්ම වෛරසය ව්‍යාප්ත වීමෙන් මෙරට තුළ මරණ තුනක් වාර්තා වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

තම ප්‍රකාශය අත්වැරදීමකින් කියූ දෙයක් බවයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද මාධ්‍යයට පැවසුවේය.

කෙසේවෙතත් මහජනතාව තුළ අනියත බියක් හා කැළඹීමක් ඇතිකිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට එරෙහිව කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad