පීසා කඩේට යනවා වගේ ඇදගෙන නිල ලාංජන පළදින්නේ නැහැ - ෆොන්සේකා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 9, 2020

පීසා කඩේට යනවා වගේ ඇදගෙන නිල ලාංජන පළදින්නේ නැහැ - ෆොන්සේකා (VIDEO)

හමුදා නිල ලාංජන පැළදිය හැක්කේ එම අවසරය තිබෙන සහ අවසරය ලත් අවස්ථාවන්හිදී පමණක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වාදෙයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පසුගිය නිදහස් දින උළෙලේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා නිල ලාංජන පැළඳ සිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නගන ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එමෙන්ම එම ලාංජන පැළදිමේදී නිල ඇඳුමක්ද පවතින අතර සිවිල් ඇඳුමින් සැරසී එලෙස නිල ලාංජන පැළදීම සිදුනොකරන බවයි හෙතෙම සඳහන් කළේ.

නිල නොවන ඇඳුමකට පදක්කම් පැළඳීමම ඒවාට කරන අගෞරවයක් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය. 

No comments:

Post a Comment

Post Bottom Ad