මෛත‍්‍රී, මහින්ද, SB, දයාසිරි සමඟ සංවාද හතක් සහිත රන්ජන්ගෙන් තවත් හඬපටයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 10, 2020

මෛත‍්‍රී, මහින්ද, SB, දයාසිරි සමඟ සංවාද හතක් සහිත රන්ජන්ගෙන් තවත් හඬපටයක්

ගමැති මහින්ද රාජපක්‍ෂ, හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, එස්. බී. දිසානායක, දයාසිරි ජයසේකර යන මහත්වරුන් සමඟ සහ මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ පෙර විවාහයේ බිරිඳ සමඟ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සිදුකළ දුරකථන සංවාද හතක් සහිත සී. ඞී. පටයක් ඔහු විසින් පාර්ලිමේන්තුවට භාර දී ඇත.
හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ කරන ලද දුරකථන සංවාද හතරක් ද මේ අතර වන බව රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා පැවසීය.

මහින්දානන්ද අලූත්ගමගේ රාජ්‍ය ඇමැතිවරයාගේ පෙර විවාහයේ බිරිඳ වන ආශා මහත්මිය සමඟ කරන ලද දුරකථන සංවාදයක් ද එහි ඇතුළත් බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම සී. ඞී. තැටිය පසුගියදා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත තමන් භාරදුන් බව ද රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad