සයින්දමරුදු ප්‍රදේශය නගර සභාවක් බවට පත් කිරීම අන්තවාදී බෙදුම්වාදී ක්‍රියාවලියක් සමග එකට බැදී ඇතැයිද එනිසා මෙම ක‍්‍රියාවලීන් එකිනෙකට සම්බන්ධවත් බවත් ඔහු පැවසීය.
MCC, සෝෆා, අක්සා ගිවිසුම් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව දැඩි අධිෂ්ඨානයකින් සිටින බවද පැවසූ ඔහු යම් හෙයකින් එම ගිවිසුම් මෙරට ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත් මෙරට ඇමරිකානු කොලනියක් වනු ඇති බවද සඳහන් කළේය.
පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී ද රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් විසින් කල්මුණේ නගර සභාවෙන් වෙනම කලාපයක් ඉල්ලා සිටිය ද එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා එයට අවසර ලබාදුන්නේ නැති බවද අමරසේකර මහතා සිහිපත් කලේය.
ඒ අනුව මෙම ප්‍රදේශය නගර සභාවක් බවට පත්කිරීමේ ක්‍රියාවලියට විරුද්ධ වන බවද වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු කියා සිටියේය.
අමරසේකර මහතා මේ බව කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.


No comments:
Post a Comment