මුල් ගල් එකක්වත් පැළ වෙන්න අපි ඉඩ තියන්නේ නෑ - අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 2, 2020

මුල් ගල් එකක්වත් පැළ වෙන්න අපි ඉඩ තියන්නේ නෑ - අගමැති

මුල් ගල් එකක්වත් පැළ වෙන්න අපි ඉඩ තියන්නේ නෑ - අගමැති

රටට වැඩකරන නායකයෙකුට මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂ තනතුරු අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ  'ගම‍ට ගෙයක් - රටට හෙටක්' ජාතික නිවාස වැඩපිළවෙළේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

'ගම‍ට ගෙයක් - රටට හෙටක්' ජාතික නිවාස සංවර්ධන වැඩපිලිවෙළේ සමාරම්භක උත්වසවය කුරුණෑගල ගිරිබාව වරාවැවේදී ආරම්භ වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

අග්‍රාමාත්‍යවරයාගේ මාර්ගෝපදේශකත්වය යටතේ දිවයිනේ අඩු අදායම්ලාභී පවුල්වල නිවාස ගැටලුවට විසඳුම් ලබාදීම ව්‍යාපෘතියේ අරමුණයි.

දින 60කින් ග්‍රාම නිලධාරී වසම් 14022ක් තුළ නිවාස 14022ක් ඉදිකිරීම මෙමගින් සිදුකරන අතර පළමු නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අග්‍රාමාත්‍යවරයා අතින් අද සිදුකෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

"මුළු අවුරුදු 4 හමාරටම වඩා දෙගුණයක් එක දවසේ හැදෙන වැඩපිළිවෙලකට තමයි අපි යන්න හදන්නේ. මේ වසර අවසන් වන විට මේ සියලුම පොල් අතු ගෙවල් උළු ගෙවල් බවට පත් කිරීමේ වැඩපිළිවෙල ඉන්දික ඇමතිවරයාට භාර දෙනවා. මේ උත්සාහය නිවාස නැති දහස් ගණනක් පුරවැසියන්ට උපන් බිමේ සැබෑ අයිතිය ලබා දීම. මේ ව්‍යපෘතියට ජාති භේදයක් නෑ.පක්ෂ භේදයක් නෑ. ඉතිහාසයේ අපි කළ දැවැන්තම නිවාස ව්‍යාපෘතිය යුද්ධයෙන් අවතැන් වුවන් නැවත පදිංචි කරවීම. ඒ වගේ දෙයක් කරපු අපිට මේක ඒ තරම් අමාරු දේකුත් නෙවේ. අපි මේ වැඩසටහන කරන්නේ ප්‍රතිපත්තියක් ඇතුව. ආවාට ගියාට නෙවේ. මේක අපේ දේශපාලනයට ඕනේ නිසා කරන ව්‍යාපෘතියක් නෙවෙයි. අද තියෙන මුල් ගල් එකක්වත් පැළ වෙන්න අපි ඉඩ තියන්නේ නෑ."

No comments:

Post a Comment

Post Bottom Ad