"ලකුණේ ප්‍රශ්නයකුත් නැහැ - සම නායක කතාවකුත් නැහැ" - දිලුම් අමුණුගම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 3, 2020

"ලකුණේ ප්‍රශ්නයකුත් නැහැ - සම නායක කතාවකුත් නැහැ" - දිලුම් අමුණුගම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ඉදිරියේදී ගොඩනැගීමට ඇති සන්ධානයේ සම නායකත්වයක් සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ජාවට ලක්ව නොමැති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 

සන්ධානය ගොඩනැගීම අනිවාර්යයෙන් සිදුවන අතර මහ මැතිවරණයට එය අවශ්‍ය බවයි අමුණුගම මහතා සඳහන් කරයි. 

නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වුණද සම නායකයෝ එහි සිටිනවාද නැද්ද යන්න පිළිබඳ අවධානය යොමු වී ඇතැයි  ප්‍රකාශ කළ නොහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටින්නේය. 

කෙසේවෙතත්  සන්ධානයේ සම නායකයන් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා තිබුණි. 

මේ අතර සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති අතර පොහොට්ටුවෙන් තරඟ කළ යුතු බවට වන තීරණයේ සිටින බවද දිළුම් අමුණුගම මහතා පවසයි. 

පසුගිය ජනාධිපතිවරණයේදීද සන්ධානයක් නොමැති වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සහය ඇතිව සන්ධානයක් සේ කටයුතු කළ බව සඳහන් කරන ඔහු කියාසිටින්නේ පොහොට්ටුව ලකුණින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ බවයි. 

එහෙයින් ලකුණ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේය. 

No comments:

Post a Comment

Post Bottom Ad