ඡන්දය දීපු මිනිස්සුම දැන් ගුටි කනවා - හරීන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 28, 2020

ඡන්දය දීපු මිනිස්සුම දැන් ගුටි කනවා - හරීන්

ඡන්දය දීපු මිනිස්සුම දැන් ගුටි කනවා - හරීන්

දින සියයක් තුළ රටට සිදුව ඇති විනාශය දැන් පෙනෙන්නට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

උද්ඝෝෂණවලට සහභාගී වන අයට පහරදීම් පවා සිදුවන අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් ජනතාවටම දැන් පහර දෙමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙවැනි සිදුවීම් හරහා ඇස් ඇරෙනු ඇති බවයි ඔහු කියා සිටියේය.

මේ අතර සමඟි ජන බලවේගය ස්ථාපිත කිරීම සඳහා එළඹෙන 02 වැනිදා එම වැඩපිළිවෙලට අත්සන් තැබෙන බවද හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

යහපාලන රජය දිනා දුන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පක්ෂ පාට නොසලකා සමඟි ජන බලවේගයක් ලෙස එක්වන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad