පොහොට්ටුවේ ආසන සංවිධායක පට්ටම් නෑ! ප්‍රාදේශීය මන්ත්‍රීවරු කලකිරීමෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 12, 2020

පොහොට්ටුවේ ආසන සංවිධායක පට්ටම් නෑ! ප්‍රාදේශීය මන්ත්‍රීවරු කලකිරීමෙන්

පොහොට්ටුවේ ආසන සංවිධායක පට්ටම් නෑ! ප්‍රාදේශීය මන්ත්‍රීවරු කලකිරීමෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලන කටයුතු සංවිධානය කිරීමේදී කිසිඳු මැතිවරණ ආසනයක් වෙනුවෙන් සංවිධායකවරයෙක් පත් කර නොමැති බව එම පක්ෂය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාව අනුවද ඒ ආකාරයට ආසන සංවිධායකවරුන් පත්කිරීමේ හැකියාවක් නොමැති බව පොදුජන පෙරමුණ වැඩිදුරටත් පෙන්වා දෙයි.

එසේම විවිධ මැතිවරණ බලප්‍රදේශ සඳහා ආසන සංවිධායකවරුන් ලෙස විවිධ පුද්ගලයන් පත්කරන ලෙස ඉල්ලමින් පක්ෂ කාර්යාල වෙත ඉල්ලීම් සිදුකිරීම හෝ විවිධ කණ්ඩායම් පැමිණීම නිෂ්ඵල ක්‍රියාවක් බවද එම නිසා එවැනි ක්‍රියා සිදුකිරීමෙන් වළකින ලෙසත් එම පක්ෂය ඉල්ලා සිටී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය මට්ටමේ මන්ත්‍රීවරුන් කලකිරීමෙන් කටයුතු කරන බව වාර්තා වේ.

තමන්ට නායකත්වය ලබාදීමට හා ඉහල පෙලේ නායකත්වය සමඟ සම්බන්ධීකරණය කර ගැනීමට නොහැකි වීමෙන් ප්‍රශ්න ගණනාවක් මතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු පැවසී ය. 

මේ අතර වියත්මග සාමාජිකයින් මැතිවරණයට ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් මේවන විටත් දිස්ත්‍රික් ගණනාවකම සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති අතර ඉන් පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් අතර මතගැටුමක්ද නිර්මාණය වී ඇත.

කෙසේ වෙතත් ඇතැම් මැතිවරණ බල ප්‍ර දේශ සඳහා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරු ලෙස පොහොට්ටුවේ ප්‍රබල දේශපාලනඥයින් කටයුතු කරන අතර ඒ සඳහා එම පක්ෂයේ ඉහල පෙලේ දේශපාලන නායකයින්ගේ ආශිර්වාදයද ලැබී ඇතැයි වාර්තාවේ.

මෙවැනි වාතාවරණයක් තුල පොදුජන පෙරමුණේ අභ්‍යන්තර මතගැටුම් ඇතිවීමේ අවධානම නතර කර ගැනීමේ අරමුණින් මේවන විට සංවිධායක ධූර ලබා දීම නතර කර ඇතැයි ද වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්

 

No comments:

Post a Comment

Post Bottom Ad