උපාධිධාරීන් අනියුක්ත කිරීම බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට - අයදුම්පත් පරිගණක ගත කිරීම අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 27, 2020

උපාධිධාරීන් අනියුක්ත කිරීම බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට - අයදුම්පත් පරිගණක ගත කිරීම අරඹයි

උපාධිධාරීන් අනියුක්ත කිරීම බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට - අයදුම්පත් පරිගණක ගත කිරීම අරඹයි

උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ රජයේ රැකියාවලට බඳවා ගනු ලබන අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි නිකුත් කිරීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අධීක්ෂණය මත එක් එක් දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදු කිරීමට නියමිතය.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත් තොරතුරු ජනාධිපති කාර්යාල මගින් පරිගණක ගත කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇති බවයි.

එම උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගැනෙන අතර ඔවුන්ට පත්වීම් ලිපි නිකුත් කිරීම සහ ඔවුන් සේවා ස්ථානවලට අනියුක්ත කිරීම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකරනු ඇත.

වසරක පුහුණු කාලයකින් අනතුරුව ඔවුන් සේවය කිරීමට කැමැත්ත පළකර ඇති ග්‍රාමීය ප්‍රදේශවල, මධ්‍යම රජයට හෝ පළාත් රාජ්‍ය සේවයට අයත් ආයතන වෙත අනියුක්ත කිරීමටද රජය සැලසුම් කර ඇත.

රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රජයේ රැකියාවලට බඳවා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍යාංශ මණ්ඩලය පසුගිය දා අනුමැතිය දී තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad