චීනයෙන් පිටත කොරෝනා ආසාදිතයෙකු පළමුවරට මිය යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 2, 2020

චීනයෙන් පිටත කොරෝනා ආසාදිතයෙකු පළමුවරට මිය යයි

චීනයෙන් පිටත කොරෝනා ආසාදිතයෙකු පළමුවරට මිය යයි

මෙලෙස ⁣නව කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මිය ගිය පුද්ගලයා වාර්තා වන්නේ පිලිපීනයෙනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට මිය ගිය පුද්ගලයා 44 හැවිරිදි චීන ජාතිකයෙකි. ඔහු පළමුවරට නව කොරෝනා වෛරසය සොයාගත් චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන්වල සිට පිලිපීනය වෙත පැමිණ ඇත.

පිලිපීනයට පැමිණිමට පෙර සිටම ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී සිටින්න ඇතිබවද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසා තිබිණි.

ඔහු සමඟ තවත් 38 හැවිරිදි කාන්තාවක් ද හොංකොං සිට පිලිපීනය පැමිණ ඇතිබව සඳහන් වේ. ඇයටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය සතියේ දී අනාවරණය කරගත් බව සඳහන් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිලිපීන නියෝජිත රබින්ද්‍ර අබේසිංහ මහතා පවසන්නේ මෙය නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් පිටත සිදු වු ප්‍රථම පුද්ගල මරණය බවයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙය පිලිපීනය තුළ සිදු වු ආසාදනයක් නොවන බවත් ඔහු රෝගය ආරම්භ වු ස්ථානයේ සිට පැමිණීම නිසා මෙම මරණය සිදු වු බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad