ෆොන්සේකා නිදහස් දිනය දා හිටපු හමුදා නිලධාරීන් සමග කුමන්ත්‍රණයක් කරලා ? - පිරිසක් සොයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 9, 2020

ෆොන්සේකා නිදහස් දිනය දා හිටපු හමුදා නිලධාරීන් සමග කුමන්ත්‍රණයක් කරලා ? - පිරිසක් සොයයි

සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා හිටපු හමුදා නිලධාරීන් කිහිපදෙනකු පසුගිය පෙබරවාරි 4 වනදා සමඟ විශේෂ සාකච්ඡාවක නිරතවී තිබෙනවා.

මේ පිළිබඳව තොරතුරු වාර්තා වීමත් හමුදා නිලධාරීන් කිහිපදෙනකු සමඟ ඔහු දියතලාවේ සාකච්ඡා කරන්නේ කුමක්දැයි යන්න සොයා බැලීමට බොහෝ දෙනෙක් පියවර ගෙන තිබෙනවා.

ඊට හේතුවී තිබුණේ යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව හමුදා කුමන්ත්‍රණයක් කළ බවට එදා පැවැති ආණ්ඩුවෙන් බරපතළ චෝදනාවක් ෆොන්සේකාට එල්ල වී තිබීමයි.

ඒ තත්ත්වය මත ෆොන්සේකාට සිරගත වීමට පවා සිදුවූ අතර ඔහුට නිදහස ලැබුණේ අදාළ කාලය සිරගෙදර ගතකළාට පසුවය.

කෙසේ වෙතත් මෙවර ෆොන්සේකා දියතලාවේ ගොස් තිබුණේ ඒ ආකාරයේ කිසිදු වැඩකට නොව හමුදාවේ වසර 50ක් ගතකළ නිලධාරීන් වෙනුවෙන් පැවැති උත්සවයකට සහභාගි වීමටයි.

ඊට මෛත්‍රිගේ ආණ්ඩු සමයේ හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ ශාන්ත කෝට්ටගොඩ ඇතුළු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනකු සහභාගි වී සිටි අතර සුහද හමුවක් ලෙස එය සංවිධානය කිරීමට සංවිධායකවරුන් පියවර ගෙන තිබුණා.

එහිදී සාකච්ඡා වී ඇත්තේ ද දේශපාලන කරුණු කාරණා නොව අතීත යුද පිටියේදී සිදුවූ ජය පරාජයන්, විශේෂ මතක සැමරුම් සහ යුද ජයග්‍රහණය ආදී මාතෘකාය.

No comments:

Post a Comment

Post Bottom Ad