පසුගිය පාස්කු ඉරිදා දිනයන් මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර වලට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගෙන් මේ සම්බන්ධයෙන් සත්‍ය විමසිය හැකි බවද ඔහු සඳහන් කළේය.
මේ ගැන හෙලි නොකරන ලෙස ඉල්ලමින් විදෙස් රටක තානාපති ධුරයක් ලබා දෙන බවට පූජිත ජයසුන්දර පොලිස්පතිවරයාට හිටපු ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවද ඔහු පැවසීය.
අදාළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද පැවසූ මන්ත්‍රීවරයා පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේ සත්‍ය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවස ඔහු කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.
Tuesday, February 4, 2020
Home
දේශපාලන පුවත්
පාස්කු බෝම්බ ප්රහාරවේ පලමු වරදකරු මෛත්රීපාලයි.. පූජිත-හේමසිරි සත්‍ය හෙලි කරන්න සූදානම්
පාස්කු බෝම්බ ප්රහාරවේ පලමු වරදකරු මෛත්රීපාලයි.. පූජිත-හේමසිරි සත්‍ය හෙලි කරන්න සූදානම්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment