හිටපු ජනාධිපති පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීම ලැජ්ජාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 20, 2020

හිටපු ජනාධිපති පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීම ලැජ්ජාවක්

හිටපු ජනාධිපති පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීම ලැජ්ජාවක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොහොට්ටුවෙන් ජන්දය ඉල්ලීමට රෙද්දක් ඇඳගෙන පුළුවන්කමක් නැතැයි එක්සත් ජාතික පක්‍ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිඞ්නි ජයරත්න මහතා පවසයි.

පොහොට්ටුව කියා පක්‍ෂයක් හැදුවොත් ඒ අය පාරේ ඇවිද්දවන බව එකල හිටපු ජනාධිපතිවරයා පැවැසූ බවත් අද ඒ ගැන ඔහු කොතරම් ලජ්ජා වියයුතු යැයිද හෙතෙම කීවේය. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (19) මින්නේරියේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සිඞ්නි ජයරත්න මහතා මාර්තු මාසයේදී රජය විසුරුවා හැර පැවැත්විමට නියමිත මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ හංසයා ලකුණෙන් තරඟ වදින බවත් අද ගම්වල ජයග්‍රහණයේ පැහැදිලි මාවතක් දකින්නට තිබෙන බවද කීය.
 
එයට හේතුව පවතින රජය අප්‍රසාදයට පත්වීම බවත් විශේෂයෙන්ම මේ ගොවිතැන් කරන ප්‍රදේශවල සල්ලිවලටවත් ගන්න අද පොහොර ටිකක් නැතැයිද දැන් පොහොර යොදන කාලයද ඉක්ම ගොස් තිබෙන බවත් පැවැසීය.

“දැන් වීවලට පොහොර යොදන කාලේ පහු වෙලා. නියමිත වෙලාවට පොහොර ටික ලැබිලා නෑ. අස්වැන්න හොඳටම  අඩුවෙන මට්ටමක් දැනට පවතිනවා. ඒ වගේම වී මිල හොඳටම අඩුවෙලා තිබෙනවා.වෙනදා මේ කාලේ වෙනකොට නාඩු කිලෝ එකක් රුපියල් 45කට,50කට ආසන්න වෙනවා.දැන් නාඩු කිලෝ එකක් රුපියල් 35ට බැහැලා.කීරි සම්බා කිලෝ එකක් වෙනදා රපියල් 55ක් 60ක් වෙනවා. මේ වෙනකොට රුපියල් 45ට බැහැලා.වී ටික හරියට දෙන්න බැරි තත්වයක් උදාවෙලා තියෙනවා.ඒ වගේම රජයේ සේවකයින්ගේ පැත්තෙන් ගත්තම රාජ්‍ය නිලධාරින්ගෙන් පලිගැනීම වැඩිවෙලා තිබෙනවා. අපේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා මාරු කලා.ඒ වගේම ජ්‍යෙෂඨ පොලිස් අධිකාරීවරයා මාරුකලා.අපේ දිස්ත්‍රික්කයේ ඉන්න පොලිස් ස්ථානාධිපතිවරු මාරු කරනවා.අනෙක් නිලධාරීන් මාරු කරනවා.රජයේ නිලධාරීන්ට අපේ කාලයේ තිබුණු නිදහසේ වැඩ කිරීමේ අයිතිය අද නැතිවෙලා තිබෙනවා. රජයේ නිලධාරීන් අද භීතියෙන් ඉන්නවා.ඔවුනට ලැබෙන වැටුප් අඩු වෙලා තිබෙනවා.විශ්‍රාමිකයින්ගේ වැටුප අඩුවෙලා.මේ නිසා අද පොහොට්ටුවට ජන්දෙ දිපු කෙනෙක් ගම්වල හොයාගන්න බැරි තත්වයට පත්වෙමින් තිබෙනවා.”

No comments:

Post a Comment

Post Bottom Ad