පෞද්ගලික මෝල් හිමියන් වී මිලදී ගැනීමට වැඩි උනන්දුවක් නොදැක්වීම නිසා මහ කන්නයේ වී වගාකළ ගොවීහු යළි අසරණ වී ඇතැයි වාර්තා වේ.
මිල පහල දමා ගැනීමේ උපක්‍රමයක් ලෙස මෝල් හිමියන් මේ ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි ද පැවසේ.
එසේම රජයේ පාලන මිල ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර නොමැති නිසා සුළු වාරිමාර්ගවල අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙන විටම වී මිල පහතට හෙළීමේ උපක්‍රමයක් ලෙස ඔවුන් මිලදී ගැනීමට ඉදිරිපත් නොවී සිටීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මෙම තත්ත්වය මත වීකිලෝව රුපියල් 30-35 අතර මිල දක්වා පහත වැටී ඇතැයි වාර්තා වේ.
මෙසේ වී මිල පහල වැටී ඇත්තේ රජය මගින් සියලුම වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 50 ක මිලකට ගැනීමටත් තෙත වී කිලෝග්‍රෑමයක් රුපියල් 45 ක මිලකට ගැනීමටත් නියම කර තිබියදීය.
මේ වන විට අස්වනු නෙළීම ආරම්භ කර ඇති කුරුණෑගල, මඩකලපුව, අම්පාර, උතුරු පළාතේ වී අලෙවි මණ්ඩල අලෙවිසල් විවෘත නොකිරීමත්, මිලදී ගැනීමේදී අක්කර ප්‍රමාණය අනුව අස්වැන්න මිලදී ගැනීමට කටයුතු කිරීම හා ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොවීම නිසා මෙම තත්ත්වය උදා වී ඇතැයි අරුණ පුවත්පත වාර්තා කර තිබේ.
ඉදිරි සති දෙක තුනක කාලයක සිට මහා වාරිමාර්ගවල ද අස්වැන්න නෙළීම ආරම්භ වීමත් සමග මෙම තත්ත්වය උග්‍ර අතට හැරෙනු ඇතැයි පැවසේ.
Sunday, February 9, 2020
මහ කන්නයේ වී මිලදී ගැනීම මහ මෝල් හිමියෝ මඟහරිති: වී මිල 30-35ට බහියි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment