ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පරාජය වු නුවරඑලිය දිස්ත්‍රික්කය එලඹෙන මහ මැතිවරණයේදි විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා රැගෙන ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 2/3 බහුතර බලයක් ලබා දිමට දායක වන බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසිය.
එස්.බි.දිසානායක රාජ්‍යය අමාත්‍යවරයා එ බැව් කියා සිටියේ ගිනිගත්හේන අභිනවාරාම විහාරස්ථානයේදි ගිනිගත්හේන ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් අමාත්‍යයවරයාව පිලිගැනිම සදහා සංවිධානය කර තිබු උත්සවය අමතමිණි.
මෙම රැස්විමේදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු අති විශාල ජන වරම අනුව එලඹෙන මහ මැතිවරණයේදි ආසන 127 ලැබෙන බවත්, එම මැතිවරණයේදි පරාජය වු නුවරඑලිය සහ වවුනියාව යන දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරා රැගෙන යාම තුලින් මෙවර මහ මැතිවරණයේදි ආසන 150 කට වඩා ලබාගෙන 2/3 බලයක් ලබා ගත හැකි බවයි.
තමන් විසින් ආරම්භ කල සමෘද්ධිය එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අග්‍රමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහාතා විසින් විනාශ කල බවත්, තමන් විසින් ආරම්භ කල සමෘද්ධි යන්ත්‍රය සක්‍රිය ලෙස ක්‍රියාවට නැංවිමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ රාජයක් යටතේ කටයුතු කරන බවයි .
– හැටන් රංජිත් රාජපක්ෂ
Sunday, February 2, 2020
2/3 ගන්න සූත්තරේ SB කියයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment