දිනක් වයසැති සිඟිත්තා මව විසින් ගෙවත්තට විසිකෙරූ කදුළු කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 1, 2020

දිනක් වයසැති සිඟිත්තා මව විසින් ගෙවත්තට විසිකෙරූ කදුළු කතාව

නිවසක් අසල ගෙවත්තක ගසක් යට දමා ගොස් තිබූ දිනක් වයසැති සිඟිත්තෙකු ඉකුත්දා හම්බේගමුව පොලිසිය මඟින් සොයාගෙන ඇත. හම්බේගමුව, රතඹලාගම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු තම නිවසට යාබද ඉඩමේ දරුවෙකු හඬන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) කළ දැනුම්දීමක් අනුව පොලිසිය මඟින් සිඟිත්තා සොයාගෙන තිබේ.

ඒ අසල නිවසේ සිටි තිදරු මවක් වූ තිස්හතර හැවිරිදි කාන්තාවකගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී ඇය විසින් එම දරුවා පසුගියදා රාත‍්‍රියක ප‍්‍රසූත කළ බවත්, පසුව දරුවා ගෙවත්තේ ගසක් යට තිබූ බවත් පවසා ඇත.

පොලිසිය මඟින් ඇය අත්අඩංගුවට ගෙන දරුවා සමඟ ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

දරුවා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස් රැුකවරණය මත රෝහලේ ප‍්‍රතිකාර ලබන සැකකාර මව ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

මොනරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් පිට සහකාර පොලිස් අධිකාරී එච්.එච්.කේ.ජේ.සී. සමරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ හම්බේගමුව වැඩබලන පොලිස් ස්ථානාධිපති වී.ඩි.ඒ. සුමතිපාල මහතා පරීක්ෂණ පවත්වති.

No comments:

Post a Comment

Post Bottom Ad