මීට වසර පහකට පෙර භාරගත්තේ පිරිහී ගිය දේශයක් - රනිල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 1, 2020

මීට වසර පහකට පෙර භාරගත්තේ පිරිහී ගිය දේශයක් - රනිල්

මීට වසර පහකට පෙර භාරගත්තේ පිරිහී ගිය දේශයක් - රනිල්

මීට වසර පහකට තම ආණ්ඩුව භාර ගත්තේ සමාජ, ආර්ථික සහ දේශපාලනික වශයෙන් පිරිහී ගිය දේශයක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නව අවුරුද්ද වෙනුවෙන් සුබ  පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ගෙවුණු කාලසීමාව තුළ ජනතාව වෙත සමාජ, දේශපාලන, මානව නිදහස අයත් කරදීම සඳහාත්, ජාත්‍යන්තර වශයෙන් රට පිළිබඳව පැවති අඳුරු ආකල්ප වෙනස් කොට සුහදශීලී වාතාවරණයක් ගොඩනැගීම සඳහාත්, තිරසර සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ ආර්ථික ස්ථාවරභාවයකට පදනම දැමීම සඳහාත් කටයුතු කළ බවයි.

එම ප්‍රජාතන්ත්‍රවාදී සහ සුබවාදී ඉදිරි ගමන එළැඹෙන නව වසරේ ද අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වගකීම පුරවැසියන් ලෙස සියලු දෙනා සතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad