GOSSIP : මේ දවස්වල අමන්දා වැඩ ගොඩකට හිර වෙලාලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 1, 2020

GOSSIP : මේ දවස්වල අමන්දා වැඩ ගොඩකට හිර වෙලාලු

‘සියත’ රූපවාහිනි නාලිකාවේ විකාශය වුණ ‘ඉත්තෝ’ ටෙලි නාට්‍යයේ දෙවැනි කතාංගයේ ප්‍රධාන නිළි චරිතයට දායක වුණ අමන්දා ජයරත්න මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකම දකින්නට ලැබෙන යොවුන් රංගන ශිල්පිනියකි. මේ දිනවල ඇය වඩාත් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන සිටින්නේ හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘හතේ කල්ලිය’ ටෙලි නාට්‍යෙය් ඉදිරිපත් කරන රංගනය හරහාය.

‘ඉත්තෝ’ ටෙලි නාට්‍යයෙන් පස්සේ මේ දිනවල මම ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන්නේ හිරු රූපවාහිනි නාලිකාවේ විකාශය වන ‘හතේ කල්ලිය’ ටෙලි නාට්‍යය තුළින්. එහි මම ‘ගීතා’ කියන චරිතය නිරූපණය කරනවා. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක දැනෙනවා මේ චරිතය ගොඩක්ම ප්‍රේක්ෂකයන්ට ළං වෙලා තියෙනවා කියලා. ඒ වගේම මම දායක වුණ තවත් ටෙලි නාට්‍යය දෙකක් ඉදිරියට විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad