ධූර දෙකක් පත්කිරීමට අවසන් තීන්දුවක් ගැනීමට එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 2, 2020

ධූර දෙකක් පත්කිරීමට අවසන් තීන්දුවක් ගැනීමට එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි


ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභානායක ධුර පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරු 11.00 ට රැස්වීමට නියමිතයි. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද අද පැවැත් වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, පස්වරු 3.00 ට ආරම්භ වන රැස්වීමට සියලු මන්ත්‍රීවරුන් කැඳවා ඇති බවයි.

එම සාකච්ඡාව පැවැත්වෙන්නේ පක්ෂයේ ඉදිරි කටයුතු සහ හෙට රැස්වන පාර්ලිමේන්තුවේදී ගනු ලබන තීරණ පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින්.

මේ අතර හෙට දහවල් 12.30 ට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ද කැඳවා තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad