ගනේමුල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 2, 2020

ගනේමුල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මරුට


රාගම -ගනේමුල්ල  ප්‍රදේශයේදී  ඊයේ රාත්‍රි 7.50 ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ 30 හැවිරිදි කුලී පදනම මත වාහන ලබාදීමේ ව්‍යාපාරයක නිරත මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඉතාලියේ සිට මෙරටට පැමිණි පවුලක් සිය තාවකාලික භාවිතය සඳහා කුලී පදනම මත මෙම වෑන් රථය ලබාගෙන තිබෙනවා.

වෑන් රථය නිවැසියන්ට භාරදී යළි පිටත්වීමට සූදානම්වූ අවස්ථාවේ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු ව්‍යාපාරිකයාට වෙඩි තබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 

වෙඩි තැබීම සිදුකළ සැකකරු අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිසර - තාප්පවත්ත ප්‍රදේශයේ පිහිටි සිය පියාගේ නිවසේ සැඟව සිටියදීයි.

වෙඩි තැබීම සඳහා යොදාගත් මිලිමීටර 9 වර්ගයේ රිවෝල්වරයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා හමුදාවෙන් පලාගිය අයෙකු බවයි.

එමෙන්ම මියගිය ව්‍යාපාරිකයා සහ ඔහු මිතුරන් වන අතර, කුමන හේතුවක් මත ඝාතනය සිදුකලේද යන්න පිළිබඳව නිශ්චිතව අනාවරණ වී නැහැ.

No comments:

Post a Comment

Post Bottom Ad