තිස්ස අත්තනායක යළිත් වැලිකඩ බන්ධනාගාරයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 31, 2020

තිස්ස අත්තනායක යළිත් වැලිකඩ බන්ධනාගාරයට

තිස්ස අත්තනායක යළිත් වැලිකඩ බන්ධනාගාරයට

2005 ජනවාරි 8 බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ පළමු අත්අඩංගුවට ගැනීම ලෙස අත්අඩංගුවට ගෙන දින 55ක් වැලිකඩ රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා යලිත් වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

ඒ මිට ටික දිනකට පෙරය. ඒ රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න, අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පුජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සුවදුක් විමසීම සඳහාය. 

එහිදී තමන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී උපකාර කළ බන්ධනාගාර නිලධාරීන් මුණ ගැසීමටද තිස්ස අත්තනායක මහතා අමතක කර නොතිබිණි.  

No comments:

Post a Comment

Post Bottom Ad