හිටපු ජනපති මෛත්රිපාල සිරිසේන මහතාගෙන් පසු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වීමේ සිය ඉලක්කය බව එම පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල දී එළිපිටම ප්රකාශ කර ඇත.
ඒ කුරුණෑගල දිස්ත්රික් ශ්රී ලංකා නිදහස් පක්ෂ ප්රාදේශීය සභා මන්ත්රීවරුන්ගේ හදිසි රැස්වීමක් කැඳවා එය අමතමිනි.
එළඹෙන මහ මැතිවරණයේදී තමන් කුරුණෑගල දිස්ත්රික්කයෙන් විශාල මනාප ප්රමාණයක් ලබා දී ජයග්රහණය කරවන ලෙසත් ඒ සඳහා තමන්ට තනි මනාපය ලබා දෙන ලෙසත් ජයසේකර මහතා කළ ඉල්ලීම එම මන්ත්රීවරු ප්රතික්ෂේප කොට තිබේ.
2013 වයඹ පළාත් සභා මහ ඇමති ධූරයට ඉල්ලීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ දයාසිරි මහතා ඉතා කෙටි කලකින් විවිධ කුමන්ත්රණ ඔස්සේ 2019 වසරේදී ශ්රීලනිප මහ ලේකම් ධූරයට පත් විය.
ජේෂ්ඨයන් රැසකටම පක්ෂයෙන් ඉවත්ව යන තැනට වැඩ සැලසූ ජයසේකර මහතා හිටපු ජනපතිනියක වන චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අත්තනගල්ල ආසන සංවිධායක ධූරය අහෝසි කිරීමට කටයුතු කළ අතර ඉදිරියේදී ඇයව පක්ෂයෙනුත් ඉවත් කිරීම ජයසේකර මහතාගේ ඉලක්කය වී තිබේ. ඒ ඇයගෙන් සිය නායකත්ව අරමුණට එල්ලවන බාධාව මැඩ පැවැත්වීමටය. එළඹෙන මහා මැතිවරණයෙන් පසු සිරිසේන මහතාවද පක්ෂ නායකත්වයෙන් ඉවත් කොට එම ධූරයට පත් වීම ජයසේකර මහතාගේ අරමුණ වී තිබේ.
No comments:
Post a Comment