සජිත්ගේ නව පක්ෂයේ ජාතික සංවිධායක සජින් වාස් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 12, 2020

සජිත්ගේ නව පක්ෂයේ ජාතික සංවිධායක සජින් වාස් !

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකෙරෙන නව දේශපාලන පෙරමුණෙහි ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

සජින් වාස් ගුණවර්ධන යනු පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ පවුලේ සමීපතමයකු ලෙස කටයුතු කළ පුද්ගලයකු වන අතර ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ද ක්‍රියා කළේය. එම යුගයේදී ඔහුට එරෙහිව නොයෙකුත් දූෂණ චෝදනා එල්ල වූ අතර 2015 ආණ්ඩු පෙරළියෙන් පසු ඒ සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහරින ලදී.

කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී සජින් වාස් මහතා සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ක්‍රියාශීලීව ප්‍රචාරණ කටයුතුවල නිරත වූයේය.

සජිත් වෙනුවෙන් රට දිනවන ත්‍රිත්වය

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නව පක්ෂයෙහි කොළඹ දිස්ත්‍රික් නායකත්වය සුජීව සේනසිංහ මහතාට ද ගම්පහ දිස්ත්‍රික් නායකත්වය හරීන් ප්‍රනාන්දු මහතාට ද කළුතර දිස්ත්‍රික් නායකත්වය අජිත් පී. පෙරේරා මහතාට ද ලබාදීමට නියමිත බව ආරංචිමාර්ග සඳහන් කළේය.

ඔවුන් තිදෙනාම ඒ ඒ දිස්ත්‍රික්කවලින් මනාප ඡන්ද ලක්ෂ තුන බැගින් ලබාගන්නා බවට පොරොන්දු වී ඇති බව ද සඳහන්.

No comments:

Post a Comment

Post Bottom Ad