"චීනයේ සිට ආ සිසුන් දියතලාවට රැගෙන ඒමේ තීරණයට විරුද්ධයි" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 31, 2020

"චීනයේ සිට ආ සිසුන් දියතලාවට රැගෙන ඒමේ තීරණයට විරුද්ධයි"

චීනයේ සිට මෙරටට පැමිණි සිසුන් දියතලාවට රැගෙන ඒමට රජය ගෙන ඇති තීරණයට තමා විරුද්ධ බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ඊයේ (30) පැවසීය.

වතුකරයේ ජනතාවගේ වතු නිවාස එක පෙළට පිහිටා තිබීමත් එම නිවාස පේළිවල විශාල ලෙස ජනතාව ජීවත්වීම හේතුවෙන් වතුකරයට මෙම වෛරසය පැතිරුණ හොත් මුළු වතුකරය පුරාම පැතිරයාමේ අවදානමක් පවතින බවත් ඒ මහතා පැවසීය.

මෙම වෛරසය පිළිබඳව වතුකරයේ ජනතාව දැනුවත් වී නොමති බැවින් දමිල භාෂාව දන්නා නිලධාරීන් යොදවා මෙම වෛරසය පිළිබඳව වතුකරයේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවත් මේ සඳහා ඉතා ඉක්මනින් රජය මැදිහත් විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා කීය.

චීනයේ සිට මෙරටට පැමිණෙන මෙම පිරිසට මෙම කොරෝනා වෛරසය ආසාධනය වී මෙම ප්‍රදේශයේ වෛරසය පැතිර ගියහොත් විශාල විනාශයක් සිදුවිය හැකි හෙයින් මෙම රෝගීන් දියතලාවට රැගෙන ඒම වහාම නතර කිරීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad