අගමැති මහින්ද මහමැතිවරණයට කුරුණෑගලින්මයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 28, 2020

අගමැති මහින්ද මහමැතිවරණයට කුරුණෑගලින්මයි !

2020 පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කළේ ය.

නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මුලස්ථානයේ ජනවාරි 27 සඳුදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පිරිස් මේ බව සඳහන් කළේ ය.
මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව සඳහන් කරමින් අවධාරණය කර සිටියේ 2015 මහමැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව ලබාදුන් ඉතිහාසගත ජයග්‍රහණය එතුමා කිසිවිටෙකත් අමතක නොකරන බවයි. එමෙන්ම එම ජනතාව අතහැර වෙනත් දිස්ත්‍රික්කයක යාමේ කිසිඳු අදහස් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට නැති බව ද ඔහු පැවසුවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයට පත්වීමත් සමග පත්වූ සුළුතර ආණ්ඩුව ඉතාමත් කෙටිකාලයක් තුළ සැළකිය යුතු මෙහෙවරක් සිදුකර ඇති බව පෙන්වා දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා කියා සිටියේ මෙම සියලු වැඩකටයුතු සිදු කිරීමට ජනාධිපතිවරයාට ලැබී ඇත්තේ යල්පැන ගිය පාර්ලිමේන්තුවක් බවයි. මෙම තත්වයට යහපාලනය ආණ්ඩුවේ 19 වැනි ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා සංශෝධනය විශාල දායකත්වය සපයමින් විශාල හානියක් ද සිදුකළ බව සභාපතිවරයා පෙන්වා දුන්නේ ය. 2020 මාර්තු මස 2වන සතියෙන් පසු පාර්ලිමේන්තුව විසුරු හැරීමේ පුර්ණ අයිතිය ජනාධිපතිවරයාට ලැබෙන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

2020 මහමැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ තුනෙක් දෙකක බහුතරයක් ලබා ගැනීම රටේ සංවර්ධනයට අත්‍යාවශ්‍ය බවත් එය ලබා ගන්නේ අසීමාන්තික බලයක් බුක්ති විදීමේ අරමුණින් නොව ස්ථාවර හා ශක්තිමත් රජයක් ස්ථාපිත කිරීමේ අරමුණින් බවත් ඔහු අවධාරණය කළේ ය.


No comments:

Post a Comment

Post Bottom Ad