කුමන ලකුණක් යටතේ තරගක ළද ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
කඩවත පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
"ලකුණ ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රියතම ලකුණ බවට පත්වෙලා තියෙන්නේ නෙළුම් පොහොට්ටුව. කෙසේ වෙතත් ගංජා මලෙන් ආවත් අපි දිනනවාමයි. ලකුණ මොකක් වුණත් දිනන්නේ අපි. අලුතෙන් හදන සන්ධානේ ලකුණ ශ්රීලනිපය ප්‍රශ්නයක් කරගන්නේ නෑ කියලා අපිට මේ වන විට දැනුම් දීලා තියෙනවා. සන්ධානේ ගොඩනැගීමේ ක්‍රියාවලියේ වැඩි වගකීමක් තියෙන්නේ ශ්‍රීලනිපයට. ඒ නිසා ඒ කාර්ය ශ්‍රීලනිපයෙන් නොපමාව වෙයි කියලා අපි හිතනවා."
No comments:
Post a Comment