අද්මිරාල් විජේගුණරත්න අද විශ්‍රාම යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 31, 2019

අද්මිරාල් විජේගුණරත්න අද විශ්‍රාම යයි

අද්මිරාල් විජේගුණරත්න අද විශ්‍රාම යයි

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි  අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  වසර 39ක සේවා කාලයක් සපුරා අද (31) විශ‍්‍රාම යාමට නියමිතව ඇත.

ති‍්‍රවිධ හමුදාවේ  දීර්ඝතම සේවා කාලයක් හිමි සහ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වශයෙන්  අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඉතිහාසගත වේ.

1980 නොවැම්බර් මස 01 වන දින 09 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්ව ඇති ඒ මහතා  ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව මූලික පුහුණුව නිම කර තිබේ. 1982 වසරේදී එම පාඨමාලාව දක්ෂතම  මාධ්‍ය නිලධාරියාට හිමි සම්මානයෙන් ද පිදුම් ලබා එක්සත් රාජධානියේ ඩාර්ත්මත්හි පිහිටි කීර්තිමත් බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයට ඇතුළත්වූයේය.

2015 ජූලි මස 11  සිට 2017 අගෝස්තු මස 22 දින දක්වා නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා  2017 අගෝස්තු මස 22 වන දින සිට මේ දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි කරමින් සිටී.

නාවික හමුදාවේ  විශේෂ යාත‍්‍ර බලඝනය හා මැරීන් බලඝනය පිහිටුවීමේ නිර්මාතෘ වන්නේද අද්මිරාල් විජේගුණරත්න මහතා ය. 

ඔහු ග්‍රන්ථ දෙකක් ද රචනා කර ඇති අතර, නායකත්වය පිළිබඳව වූ  ‘විජේගුණරත්න සංදේශ’ සහ  ‘පේලි අතරින් කියවන්න’නවකතාව එම ග‍්‍රන්ථ දෙක වේ.

No comments:

Post a Comment

Post Bottom Ad