ජනාධිපතිගේ නියමයෙන් සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතට ගේන්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 31, 2019

ජනාධිපතිගේ නියමයෙන් සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතට ගේන්න යයි

ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වි තිබේ.
එමඟින් කාලය, ශ්‍රමය සහ විශාල මුදල් නාස්තිය අවම කර ගැනීමට හැකි වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී සඳහන් කළේය.

එකම තොරතුරු ආයතන කිහිපයකදි  එක් රැස් කිරීම දැනට භාවිත ක්‍රමය වන බවත්  එය එකම පද්ධතියක් යටතට ගැනීමෙන් ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීමට හැකිවන වනු ඇති බව ජනාධිපතිතුමා මෙහිදි පෙන්වා දුන්නේය. 

එමඟින් සාවද්‍ය සහ වංචනික තොරතුරු සංසරණයවීම වළක්වාගත හැකි බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අර්ධ රාජ්‍ය ආයතනවල අන්තර් සබඳතාවය රටේ සංවර්ධනයේ දී ඉතා වැදගත් වන බැවින්  අදාළ ආයතන ජාලගත කරමින් සම්බන්ධ කිරිමෙන් ඉහළ ඵලදායිතාවක් ළගාකර ගත හැකි බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

වර්තමානයේ තොරතුරු සහ සන්නිවේදන  තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඇතැම් ව්‍යාපෘති ඒවායේ ඵලදායීතාව සඳහා සෘජුව වගකියන අමාත්‍යාංශ හෝ ආයතන හෝ වෙත පැවරිම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

පාසල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාශය යටතට පැවරිමේ වැදගත්කම නිදසුනක් ලෙස පෙන්වා දෙනු ලැබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad