"බැඳුම්කර වංචාව ගැන අවශ්‍ය පියවර ගන්නවා" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 5, 2019

"බැඳුම්කර වංචාව ගැන අවශ්‍ය පියවර ගන්නවා"

බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සහ දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව අවශ්‍ය පියවර ගැනීම මීළඟ පාර්ලිමේන්තු වාරය ආරම්භ වීමත් සමඟ සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු, මාධ්‍ය හමුවේ ඔහු මේ බව සඳහන් කළේය.

කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (04) එම ධුරයේ වැඩභාරගැනීම සිදුවුණේ කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යාංශයේදීයී.

එහිද මාධ්‍යෙව්දින නැගු ප්‍රශ්න කිහිපයකටද අමාත්‍යවරයා පිලිතුරු දුනනේය.

ප්‍රශ්ණය - මෛත්‍රිපාල හිටපු ජනාධිපතිවරයාගේ අනාගතය කොහොම ද? මේ මාස තුනේ එතුමාට පාර්ලිමේන්තුවට එන්න බැරුව වගේ පේන්නෙ.

පිලිතුර - එතුමාගේ ශක්තිය අපි  බලාපොරොත්තු වෙනවා

ප්‍රශ්ණය - හැමෝම බලාපොරොත්තු වුණා ඔබතුමාට කැබිනට් ඇමතිකමක් ලැබෙයි කියලා? ටිකක් හිත අමාරුවෙන්ද ඉන්නෙ?

පිලිතුර - කපන්න කපන්න උල් වෙනවා"

No comments:

Post a Comment

Post Bottom Ad