ෆවුසි අධිකරණයට යන්න සැරැසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 4, 2019

ෆවුසි අධිකරණයට යන්න සැරැසෙයි

ෆවුසි අධිකරණයට යන්න සැරැසෙයි

තමන්ගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරය අහෝසි කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් තීරණයට එරෙහිව අනිවාර්යයෙන්ම අධිකරණය හමුවට යන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා ඊයේ (3) පැවසීය.
 
තමන් වසර 44ක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයකු ලෙස මෙන්ම දිගු කලක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් හා ඇමතිවරයෙක් ලෙසත් කටයුතු කරළ බව කී මන්ත‍්‍රීවරයා පක්‍ෂ සාමාජික ගාස්තු ද මේ දක්වා අඛණ්ඩව ගෙවා තිබෙන බව ස`දහන් කළේය.
 
මන්ත‍්‍රීධූරයෙන් තමා ඉවත්කිරීමට පක්‍ෂය උත්සාහ කරන්නේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට යාම සදහා නම් ඒ වෙනුවෙන් තමාගෙන් ඉල්ලීමක් කරන්නට තිබූ බව ද ෆවුසි මහතා කීවේය.
 
අසාධාරණ ලෙස පක්‍ෂයෙන් ඉවත් නොකර එවැනි ඉල්ලීමක් කළේ නම් මන්ත‍්‍රීධූරය අත්හැරයාමට තමන් දෙවරක් නොසිතන බව ද මන්ත‍්‍රීවරයා කීවේය.
     
 පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මේ බව පැවසුවේ ඔහු පක්‍ෂයෙන් ඉවත්කිරීමට කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු ලබාදෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad