දෙදෙනෙකු හැර හිටපු ඇමතිවරු තවමත් නිල නිවාස භාර දී නැහැ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 4, 2019

දෙදෙනෙකු හැර හිටපු ඇමතිවරු තවමත් නිල නිවාස භාර දී නැහැ

දෙදෙනෙකු හැර හිටපු ඇමතිවරු තවමත් නිල නිවාස භාර දී නැහැ

හිටපු කැබිනට් ඇමැතිවරුන් ,කැබිනට් නොවන ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් යන කිසිවකුත් සිය නිල නිවාස ආපසු බාර දී නැති බව වාර්තා වේ.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීම හේතුවෙන් එතෙක් පැවති කැබිනට් මණ්ඩලය අහෝසි විය.

හිටපු අමාත්‍යවරුන් නිල නිවාස ආපසු බාර නොදීම හේතුවෙන් අලුතින් පත්වූ ඇමැතිවරුන්ට නිල නිවාස ලබා දීමට නොහැකි වී ඇත. 

ඉකුත් ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන්ගෙන් දෙදෙනෙකු හැර සෙසු පිරිස නිල නිවාස මෙතෙක් ආපසු බාරදී නැතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර හිටපු ඇමැතිවරුන් බොහෝ දෙනෙකු සිය නිල වාහනද මෙතෙක් බාර දී නැති බව වාර්තා වේ.

නිල නිවාස භාරදුන් ඇමැතිවරු දෙදෙනා වන්නේ පාඨලි චම්පික රණවක මහතා සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතාය.

No comments:

Post a Comment

Post Bottom Ad