මැතිවරන කොමිසමේ සභාපතිට විරුද්දව උපවාසයක් කල හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 16, 2019

මැතිවරන කොමිසමේ සභාපතිට විරුද්දව උපවාසයක් කල හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගනී

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට එරෙහිව යාපනය මැතිවරණ  කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රිවරයෙකු යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ටී.තම්බිරාසා නැමති ඔහු පවසා ඇත්තේ යාපනය මැතිවරණ කාර්යාලයේ ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද හිමි නාමලේඛනයේ ඡන්දදායකයින්ගේ නම් සිංහලෙන් පමණක් තිබීම නිසා යාපනයේ සිටින දෙමළ ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන් බවයි.

පසුව යාපනය පොලීසිය එම ස්ථානයට පැමිණ ඔහුට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැණුම් දී ඇත්තේ එම ස්ථානයේ උපවාස කිරීම නීති විරෝධී බවට දැනුම් දෙමිනි නමුත් ඔහු එම ස්ථානයෙන් ඉවත් නොවී පොලිස් නිලධාරීන් සමග බහින් බස් වීමෙන් පසුව ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ



No comments:

Post a Comment

Post Bottom Ad