"නව රජයක් පිහිටුවනවා - විධායක බලතල ක්‍රියාත්මක කරනවා" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 18, 2019

"නව රජයක් පිහිටුවනවා - විධායක බලතල ක්‍රියාත්මක කරනවා"

නව රජයක් පිහිටුවන බවත් රටේ යහපත වෙනුවෙන් විධායක බලතල භාවිත කරන බවත් නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවැසීය.

"රටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කිරීමට පසු භට වෙන්නේ නෑ. මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් මම පිහිටුවනවා. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් සෞභාග්‍යමත් දේශයක් ගොඩ නැගීමට එක්වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා."

No comments:

Post a Comment

Post Bottom Ad