එජාප නායකත්වය කරූට.. විපක්‍ෂ නායකත්වය සජිත්ට.. විවේකය අවශ්‍යයි කියා රනිල් දේශපාලනයෙන් සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 30, 2019

එජාප නායකත්වය කරූට.. විපක්‍ෂ නායකත්වය සජිත්ට.. විවේකය අවශ්‍යයි කියා රනිල් දේශපාලනයෙන් සමුගනී

රු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබාදීම සඳහා පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම්ව සිටින බව වාර්තාවේ.

එමෙන්ම විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ද ලබා දී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තමන් සූදානම් බව සමීප පුද්ගලයන් කිහිපදෙනකු සමඟ වික‍්‍රමසිංහ මහතා පවසා තිබේ.

මේ ගැන ඔවුන් සමගින් වික‍්‍රමසිංහ මහතා දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයිද වාර්තා වෙයි.

තමනට දැන් විවේකයෙන් කාලය ගත කිරීමට අවශ්‍ය බව පවසා ඇති වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණය වෙද්දී තම වයස අවුරුදු 75ක් වන බව ද සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂය රැකගෙන ඉදිරියට යන කැපකිරීම් කළ හැකි නායකයන් ඉදිරි කාලයේදී ද අවශ්‍ය යැයි ද වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad