ඇමරිකාව ශ්‍රී ලංකාවේ සංචාරක අවදානම යළිත් සිහි කැඳවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 15, 2019

ඇමරිකාව ශ්‍රී ලංකාවේ සංචාරක අවදානම යළිත් සිහි කැඳවයි

මෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී පනවා තිබූ 2 වැනි මට්ටමේ සංචාරක අවදානම තවදුරටත් එලෙසම පවතින බව එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. මැතිවරණ සමයේදී ශ්‍රී ලංකාවට පැමිණීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙස කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නවතම ආරක්ෂක අනතුරු ඇඟවීම මගින් මෙසේ දන්වා සිටියි.


ඒ අනුව, විශාල රැස්වීම් හෝ විරෝධතා පැවැත්වෙන ස්ථානවල වඩාත් පරිස්සම් වන ලෙසත්, සංචාරක ස්ථාන සහ ජනාකීර්ණ පොදු ස්ථානවල රැඳී සිටීමේදී වටපිටාව පිළිබඳ වඩාත් අවධානයෙන් පසුවන ලෙසත් සිය පුරවැසියන්ට දන්වා සිටියි.

හදිසි අවස්ථාවකදී බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත්, දේශීය පුවත් පිළිබඳ අවධානයෙන් පසුවෙමින් කටයුතු කරන ලෙසත් වැඩිදුරටත් දන්වා සිටියි.


No comments:

Post a Comment

Post Bottom Ad