එහි පිටපත ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කළ යුතුයි..
ගිවිසුමේ අන්තර්ගතය රටේ ජනතාව තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් දන්නේ නැත..
ජනාධිපතිවරණය ආසන්නයේ ආණඩුව ඇමරිකාව සමග හොර ගිවිසුම් අත්සන් නොකළයුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා .
ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ආණ්ඩුව අත්සන් කිරීමට සුදානම් වන ගිවිසුම සම්බන්දයෙන් මාධ්‍යට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව දැනුම් දෙනවා.
ඒම නිවේදනයේ මෙසේද සදහන් වෙනවා.
ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තින්දුවක් ගෙන ඇත. මේ ගිවිසුම ජනාධිපතිරණයට පෙර අත්සන් කිරීමට පියවර ගන්නා බවටත් අගමැතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර සිටියේය.
ජනාධිපතිවරණයට තව ඇත්තේ සති දෙකක් වැනි කාලයකි. තීරණාත්මක මැතිවරණයකට දින ගණනක් තිබියදී විදෙස් රටක් සමග ආණ්ඩුව කඩිමුඩියේ ගිවිසුමකට එළඹිය යුතු නැති බව අපි තරයේ ප්‍රකාශ කර සිටිමු. එවැනි ගිවිසුමක් ලංකා ආණ්ඩුව අත්සන් කරනවානම් එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුවය.
මෙකී ගිවිසුමේ අන්තර්ගතය කුමක්දැයි රටේ ජනතාව තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් දන්නේ නැත. මේ ගිවිසුම අත්සන් කිරීමට පෙර එහි පිටපත ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කළ යුතු බවත් අපි ප්‍රකාශ කර සිටිමු.
මේ යෝජිත ගිවිසුම මහාමාර්ග සංවර්ධනයට හා ඉඩම් ප්‍රතිසංස්කරණයට අදාල එකක් බව කියා සිටියද එයින් හරියටම සිදුවන්නේ කුමක්ද යන්න ආණ්ඩුව ජනතාවට පැහැදිලි කර නැත. මෙයින් ලංකාවට සෙතක් සැලසෙන්නේ නම්, මේ සම්බන්ධයෙන් මෙතරම් රහස්‍ය බවක් පවත්වාගෙන යන්නේ කුමටද යන්න ගැන අපට සාධාරන සැකයක් ඇත.
ජනතාවට හොරෙන් හා පාර්ලිමේන්තුවට හොරෙන් මේ ගිවිසුම් කිසිසේත්ම අත්සන් නොකළ යුතු බව අපි ආණ්ඩුවට තරයේ ප්‍රකාශ කර සිටිමු.
Friday, November 1, 2019
Home
දේශපාලන පුවත්
"ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ආණ්ඩුව නතර කළ යුතුයි.." - විපක්ෂ නායක මහින්දගෙන් විශේෂ නිවේදනයක්
"ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ආණ්ඩුව නතර කළ යුතුයි.." - විපක්ෂ නායක මහින්දගෙන් විශේෂ නිවේදනයක්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment